පොදුජන පෙරමුණේ මුල් පුටුව මහින්දට; ජනාධිපති අපේක්ෂකත්වය ගොඨාභයට

අද දින (11) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනයේදී එම පෙරමුණේ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිල වශයෙන් භාර ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද සමුළුවට සහභාගී වීමට නියමිත අතර එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාක්ෂික නියෝජිතයන්ගේ ඉල්ලීම පරිදි ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීම පක්ෂ නායකත්වය විසින් සිදුකරනු ඇතී.
අද පැවැත්වෙන ජාතික මහා සම්මේලනයේ න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් ඊයේ(10) රාත්‍රියේ මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ දී පැවැත්වුණා.
එහිදී ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ තීරණය පක්ෂ නායකයින් වෙත දැනුම්දීම සිදුවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සදහන් කළා.
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ඉඩකඩ අනුව අද ජාතික මහා සම්මේලනයට එම පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රී සංසදය, පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය පමණක් සහභාගී වන බව සදහන්.
විදේශ ශාඛා වල නියෝජිතයින්ටද මේ සඳහා අවස්ථාව හිමිව ඇති බවත් පැවසෙනවා.
අපේක්ෂකයා ප්‍රකාශ කිරීමත් සමඟම මුළු රටේම ජනතාව රතිඤ්ඤා දල්වමින් ප්‍රීති සාද නගමින් සතුට සමරන දවසක් බවට අද දවස පත්වන බව පාර්ලිමේන්තු රොහිත අබේවර්ධන මහතා ඊයේ පැවැත්වුණු මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සදහන් කළේ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා "ගෝ.." කියූ සැණින් රතිඤ්ඤා දැල්වීමට රටම සුදානම් බවයි.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපයේදී ආගමික වැඩසටහන් රැසකට එක්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලන අද සවස 03.00ට ආරම්භ වීමට සියලු කටයුතු මේවන විට සූදානම්.
715 Views
Comments