බුද්ධි අංශ නිලධාරියාට මරු කැඳවූ ඩිෆෙන්ඩර් රථ රියැදුරු "නීති ස‍ිසුවා" යළි රිමාන්ඩ්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
15

බුද්ධි අංශ නිලධාරියාට මරු කැඳවූ ඩිෆෙන්ඩර් රථ රියැදුරු "නීති ස‍ිසුවා" යළි රිමාන්ඩ්

බුද්ධි අංශ නිලධාරියාට මරු කැඳවූ ඩිෆෙන්ඩර් රථ රියැදුරු "නීති ස‍ිසුවා" යළි රිමාන්ඩ්

රාජ්‍ය බුද්ධි සේවාවට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයාට මරු කැඳ වූ තුම්මුල්ල රිය අනතුරට සම්බන්ධ ඩිෆෙන්ඩර් රථය පැදවූ රියැදුරු යළි ලබන 19 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.


පසුගිය 11 වන දා කොළඹ තුම්මුල්ල ප‍්‍රදේශයේදී බීමත්ව රිය පදවා පොලිස් බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අනතුරට ලක් කළ බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ.අනතුරෙන් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්‍ෂයට පත් වුණා.

 

ඩිෆෙන්ඩර් රථයේ රියැදුරු එම අවස්ථාවේ බීමත්ව සිට ඇති බවත් ඔහු නීති ශිෂ්‍යයෙකු බවත් පොලීසිය සඳහන් කළා.

 

 

අනතුරින් තුවාල ලැබූ අනෙක් නිලධාරියා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

 

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අද කැදවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පැවසුවේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවමත් අවසන් වී නොමැති බවයි. ‍

 

අනතුර සිදුවූ ප‍්‍රදේශයේ සීසීටීවී දර්ශන ලබාගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශන කිරීමට අවශ්‍ය බවයි එහිදී ප‍්‍රකාශ කෙරුණේ. එබැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

 

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පවසා ඇත්තේ මෙය හිතාමතා සිදුකළ අපරාධයක් නොවන බවයි. එය රිය අනතුරක් පමණක් බවත් ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා. 

 

මෙම අනතුර සම්බන්ධයෙන් රටේම අවධානය යොමුවූයේ කොළඹ ජාතික රෝහලේ සිදුවූ මුදල් කොල්ලයක් වළක්වමින් සැකකරු සහ මුදල්ද සොයා ගැනීමට කටයුතු පොලිස් කොස්තාපල්වරයෙකු අනතුරෙන් ජීවිතක්‍ෂයට පත්වීමයි.

views

755 Views

Comments

arrow-up