ජනාධිපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
08

ජනාධිපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

ජනාධිපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

ඇතැම් කූට පුද්ගලයන් වංචනික අභිප්‍රායයන් ඉටුකර ගැනීම සඳහා ජනාධිපතිතුමාගේ නම, ව්‍යාජ ලෙස සැකසූ අත්සන, ව්‍යාජ ලිපි ශීර්ෂ භාවිත කරමින් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට කරන විවිධ බලපෑම් ගැන දිගින් දිගටම වාර්තා ලැබෙමින් පවතී.

 

මෙවැනි පුද්ගලයන් යම් යම් රාජ්‍ය ආයතනවලට පෞද්ගලිකවම ගොස් යම් කාර්යයක් ඉටු කිරීමේ බලයලත් නිලධාරීන්ට බලපෑම් කරන බැව් දැනගැනීමට ඇත.

 

මෙසේ බලපෑම් කරන්නේ ජනාධිපතිතුමාගේ උපදෙස් මත බැව් එම කූට පුද්ගලයන් පවසන බව ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයට ලැබෙන විමසුම් වලින් පැහැදිලි වෙයි.

 

රාජ්‍ය තන්ත්‍රය වෙත පැවරී ඇති කාර්ය භාරය නිසි පරිදි ඉටු කිරීම ගැන තම පාලන කාලයේ ප්‍රමුඛත්වයක් දියයුතු බවත්, යම් යම් කාර්යයන් කිරීමට බලයලත් නිලධාරීන් නීතියට අනුකූලව, මහජනතාවගේ අවශ්‍යතා ඉටුවන පරිදි රාජ්‍ය තන්ත්‍රය කටයුතු කළ යුතු බව ජනාධිපතිතුමාගේ අදහසයි.

 

එබැවින් යම් පුද්ගලයෙකු විසින් ජනාධිපතිතුමාගේ නම විකුණමින් බලපෑම් සිදුකරන්නේ නම් ඒ බැව් හැකි විගස ජනාධිපති කාර්යාලයේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.බී. එගොඩවෙලේ (අධ්‍යක්ෂ ජනරාල්, අභ්‍යන්තර පාලන) වෙත 0112354479/ 0112354354 ඔස්සේ දන්වන ලෙස ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

 

views

1688 Views

Comments

arrow-up