STF සෙබළකු ‘පැහැර ගෙන පහරදී ‘ බිරිය දූෂණය කරලා

පොලිස් විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරයකු පැහැරගෙන ගොස් අතපය බැඳ දමා බිරිඳ දූෂණය කළ බව කියන පුද්ගලයකු පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.
මීගහවත්ත පොලිසියට හා කැලණිය කොට්ඨාස අපරාධ ඒකකයට පෙරේදා (18දා) ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශනය අරඹා තිබේ.
මෙම විශේෂ කාර්ය බළකා සෙබළාව මීගහවත්තේ නිවසක අතපය බැඳ දමා තිබියදී ගෝනහේන කඳවුරේ භට කණ්ඩායමක් විසින් බේරාගෙන ඇත. එම සෙබළාගේ බිරිඳ තම සැමියාට කරදරයක් වී ඇතැයි ලබාදුන් තොරතුරක් මත ගෝනහේන කඳවුරේ භට කණ්ඩායමක් මෙලෙස පැමිණ තිබේ.
මෙම සිද්ධිය පසුපස ඇත්තේ මීගහවත්තේ පදිංචි පස් හා කසිප්පු ජාවාරම්වලට සම්බන්ධ අයකු බව පැවසේ. එස්.ටී.එෆ්. කොස්තාපල්වරයා බේරා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා භටයින් එද්දී සැකකරු පලාගොස් ඇති බවද කියයි.
මෙම සැකකරු එස්.ටී.එෆ්. සෙබළාගේ බිරිඳ සමග මීට මාස කිහිපයකට පෙර හිතවත්කමක් ගොඩනගාගෙන ඇගේ සැමියාව මරා දමන බවට තර්ජනය කර ඇය හෝටලයකට රැගෙන ගොස් ඇත. එම සිද්ධියෙන් පසු ඇය දිනක් නිවසේ සිටියදී සැකකරු නිවසට පැමිණ ඇය නිවසින් පිටතට ගෙන ගොස් දූෂණය කළ බව පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් කර ඇත.
තමාට ධර්මාශෝක නමැත්තෙකුගෙන් කරදර සිදුවන බව බිරිඳ සැමියාට දැනුම් දුන් පසු සැමියා නිවසේ සී.සී.ටී.වී. කැමරා සවිකර දුන් බවත්, එම පැමිණිල්ලේ සඳහන්ය.
එම සිද්ධියෙන් පසු තමා හා සැමියා නිවසින් බැහැරව ඥාති නිවසකට ගොස් සිටි මොහොතක සැකකාර ධර්මාශෝක නමැත්තා සැමියාට කතා කර ගෙන්වාගෙන ඇති බවත්, එහිදී මෙම පහරදීම සිදුවී ඇති බවත් හෙළිවී ඇත.
බිරිඳ ගෙනත් දෙන ලෙස කියමින් ධර්මාශෝක නමැත්තා එස්.ටී.එෆ්. සෙබළාට මෙහිදී පහරදී ඇත. එහිදී සෙබළාගේ බිරිඳට ධර්මෝශෝක නමැත්තා දුරකථන ඇමතුමක්දීම නිසා ඒ ගැන සැක සිතී බිරිඳ ඒ බව ගෝනහේන එස්.ටී.එෆ්. කඳවුරට දැනුම් දී තිබේ.
මෙම පහරදීම හා ස්ත්‍රී දූෂණ චෝදනාවට සම්බන්ධ ධර්මාශෝක නමැත්තා අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුමක් අරඹා ඇත.
1028 Views
Comments