රාජංගනය නොමැතිව තැපැල් ඡන්ද විමසීම ඇරඹේ

තැපැල් ඡන්දය අද ආරම්භ වුණා. තැපැල් ඡන්දය පැවැත්වෙන්නේ අදියර කිහිපයක් යටතේයි. අද දිනයේදී සෞඛ්‍ය සේවකයින් සඳහායි වෙන්කර ඇත්තේ.
අද පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා සෞඛ්‍ය නිලධාරී කාර්යාලවලදී ඔවුන්ට තැපැල් ඡන්දය සළකුණු කළ හැකි වනවා.
සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු මැතිවරණ රාජකාරීවල නිරතවීමට නියමිත රජයේ සේවකයන් සදහා වන තැපැල් ඡන්දය අද ආරම්භ වී ලබන 17 වනදායින් අවසන් විමට නියමිතව තිබෙනවා.
මේ අතර අනුරාධපුර ,රාජංගනය කොට්ඨාසයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම අද දිනයේ ආරම්භ වන්නේ නැහැ.
එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීම ඊට හේතුවයි. සෙසු ප්‍රදේශවලද තැපැල් ඡන්දය පැවැත්වෙන්නේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලවයි.
826 Views
Comments