පාර්ලිමේන්තුවට නොදා අපි නම් ගිවිසුම් අත්සන් කරන්නනේ නැහැ

රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම් අත්සන් කිරීමේදී පාර්ලිමේන්තුවට නොදන්වා කිරීම වළක්වා එය පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් සිදුකිරීමේ යෝජනාවක් තමන් ඉදිරියේදී ගෙන එන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.
අගමැතිවරයා මේ බව සඳහන් කළේ බෙලිඅත්තේදී පැවති ජන හමුවක් අමතමිනි.
විදෙස් රටක් සමඟ ගිවිසුම් ගතවන්නේ නම් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සියලුම දෙනාට අවබෝධයක් තිබිය යුතු බව රාජපක්ෂ මහතා කියා සිටියේය.
එවිට MCC ගිවිසුම සම්බන්ධයෙන් මේ වන විට මතුව තිබෙන තත්ත්වය වැනි තත්ත්වයන් මතු නොවන බවයි ඔහු පෙන්වාදුන්නේ.
කෙසේවෙතත් ජනාධිපතිවරයාට සහය දැක්විය හැකි පාර්ලිමේන්තුවක් පත්කරගත යුතු අතර එසේ නොවුණහොත් එහි අවාසිය සිදුවන්නේ ද රටේ ජනතාවට බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
697 Views
Comments