මහින්ද අපිට පොදු සමාව දීලා තියෙන්නෙ මානව හිමිකම් කවුන්සිලයට කරන්න පුලුවන් දෙයක් නෑ - කරුණා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
27

මහින්ද අපිට පොදු සමාව දීලා තියෙන්නෙ මානව හිමිකම් කවුන්සිලයට කරන්න පුලුවන් දෙයක් නෑ - කරුණා

මහින්ද අපිට පොදු සමාව දීලා තියෙන්නෙ මානව හිමිකම් කවුන්සිලයට කරන්න පුලුවන් දෙයක් නෑ - කරුණා

අතීතයේ සිදු වූ වැරදි සම්බන්ධයෙන් කිසිවෙකුටත් තමාට එරෙහිව පරීක්ෂණ සිදුකළ නොහැකි බව කරුණා අම්මාන් පවසනවා. ඔහු‍ මේ බව සඳහන් කරන්නේ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය විසින් කරුණා අම්මාන්ට එරෙහිව පරීක්ෂණ පැවැත්විය යුතු බවට සිදුකර තිබූ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

 

ඉතිහාසයේ සිදු වැරදි නැවත ඇවිස්සීමට කිසිවෙකුටත් අවශ්‍ය නොවන බවයි ඔහු පවසන්නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තමා ඇතුළු දහස් ගණනක් එල්ටීටීඊ සාමාජිකයන්ට පොදු සමාවක් ලබාදුන් හෙයින් තවදුරටත් එදා සිදු වූ වැරදි පිළිබඳව විමර්ශන සිදු කිරීමට හෝ දඬුවම් පැමිණවීමට අවස්ථාවක් නොමැති බවයි ඔහු සඳහන් කරන්නේ.

 

තමා සිදුකළ ප්‍රකාශයක වචන කිහිපයක් පමණක් අල්ලා ගනිමින් විවිධ පුද්ගලයන් ඒ සම්බන්ධයෙන් වැරදි අර්ථකතන ලබාදෙන බවයි ඔහු පවසන්නේ. තමා එදා සිදුකළේ දේශපාලන ප්‍රකාශයක් බවත් යුද්ධය පැවති සමයේදී සිදු වූ ඝාතනය සම්බන්ධයෙන් සංඛ්‍යා ලේඛන නොමැති බවත් ඔහු පවසනවා. එහෙයින් දහස් ගණන් මරා දැමූ බවට තමා සිදුකළ ප්‍රකාශය දේශපාලනිකව පමණක් තේරුම් ගතයුතු බවයි ඔහු වැඩිදුරටත් පෙ‍න්වා දෙන්නේ‍.

 

views

838 Views

Comments

arrow-up