“කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න හදන්නේ” – වරාය පොදු සේවක සංගමය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
27

“කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න හදන්නේ” – වරාය පොදු සේවක සංගමය

“කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න හදන්නේ” – වරාය පොදු සේවක සංගමය

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මහ මැතිවරණයෙන් පසුව ස්ථිර වශයෙන්ම ඉන්දියාවට ලබා දීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ශ‍්‍රී ලංකා වරාය පොදු සේවක සංගමය සඳහන් කරයි.

 

එහි ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා පෙන්වා දෙන්නේ කොළඹ වරායේ ජයබහලු පර්යන්තයට ගෙන්වන ලද නව දොඹකර ඊට ඇතුළු නොකර නැගෙනහිර පර්යන්තයට ඇතුළු කිරීමට සැරසෙන්නේ එම හේතුව නිසා බවයි.

 

මෙම ක‍්‍රියාවලියට විරුද්දව තම සංගමය විසින් නඩු දැමීමට කටයුතු කර ඇති බවත් එම නඩුව නැවතත් ජූනි මාසයේදී කැඳවීමට නියමිත බවත් ඔහු කියා සිටියි.

 

මෙම පර්යන්තය ඉන්දියාවට ලබා දෙන සඳහා ඉන්දියාව විසින් බලපෑම් කරමින් ඇති බවත් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට මෙම පර්යන්තය සංවර්ධනය කිරීමට යන්නේ ඩොලර් මිලියන අසූවක පමණක් බවත් ඔහු සඳහන් කරයි.

 

ජාත්‍යන්තර බලපෑම් මත කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ප්‍රමාද කිරීමට එරෙහිව වෘත්තීය සමිති ඊයේ (25) විරෝධය පළ කිරීමක්ද සිදු කරන ලදි.

 

නමුත් කොමිස්වලට ලැදි පාලකයන් විසින් ජාතික සම්පත් විකුණා දමමින් සිටින බව ද ඔහු තව දුරටත් කියා සිටියි

 

ජාත්‍යන්තර බලපෑම් මත කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ප්‍රමාද කිරීමට එරෙහිව වෘත්තීය සමිති ඊයේ (25) විරෝධය පළ කිරීමක්ද සිදු කරන ලදි.

 

 
නැගෙනහිර ජැටිය විකුණයි ද?

නැගෙනහිර ජැටිය විකුණයි ද? #SLPorts #PortsAuthority #Colombo #EastContainerTerminal #Protest #lka #News1st #ULM

Posted by Newsfirst.lk on Thursday, June 25, 2020

 

views

1133 Views

Comments

arrow-up