වොඩ්කා වතුර කල රංගේබණ්ඩාරගේ පුතාට අධිකරණයෙන් දඩුවම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
18

වොඩ්කා වතුර කල රංගේබණ්ඩාරගේ පුතාට අධිකරණයෙන් දඩුවම්

වොඩ්කා වතුර කල රංගේබණ්ඩාරගේ පුතාට අධිකරණයෙන්  දඩුවම්

රිය අනතුරක් සිදු කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවක වරදකරුවූ  පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රං‍ගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මහතාට අත්හිටවූ සිරදඬුවම් හා දඩ නියම කිරිමට හලාවත මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු මංජුල රත්නායක මහතා අද (18) නියෝග කළේය.

 


චෝදනා සියල්ලට වරදකරු වූ සැකකරුට රුපියල් 32,500 දඩයක් හා මාස හයක ලිහිල් සිරදඬුවම වසර හයක කාලයකට අත්හිටුවීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
සැකකරුගේ රියදුරු බලපත්‍රය මාස හයකට අත්හිටුවිමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය‍.

 


2018 ජුනි මස 8 වැනිදා හෝ ඊට ආසන්න දිනයක හලාවත පුත්තලම මාර්ගයේ බංගදෙණිය කෝට්ටපිටිය හන්දියේ දී  බීමතින් රජයේ දේපලක් වන කැබ් රථයක් පදවා නොසැළකිලිමත්ව හා අපරික්ෂාකාරීව රථ ධාවනය කරමින් අනතුරක් සිදුකළැයි රුපියල් 280,000 ක දේපල අලාභයක් සිදු කිරිම ඇතුළු චෝදනා 6 ක් යටතේ  නඩුව පවරා තිබිණි.

 


කෙසේ වෙතත් මේ අනතුර ගැන අදහස් දක්වමින් රංගේ බණ්ඩාර සිය පුත්‍රයා නිර්දෝෂී බව කියමින් වොඩ්කා බෝතලයක වතුර තිබු බවට කල ප්‍රකාශයක් සමාජ ජාල ඔස්සේ විශාල ලෙස ප්‍රචාරය වුනා .

 

 

 

views

1339 Views

Comments

arrow-up