ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරිනීතිය දැන් ක්‍රියාත්මකයි - ප්‍රදේශ මෙන්න

ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන පොලිස් බල ප්‍රදේශ පිළිබඳ පොලිස් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.
ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද සවස 6.00සිට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව එම නිවේදනයේ දැක්වේ.
මීට අමතරව දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට දැනටමත් ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු තවදුරටත් බලපැවැත්වෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
932 Views
Comments