සජිත්ගේ රත්මලානේ රැස්වීමට ප්‍රහාරයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
30

සජිත්ගේ රත්මලානේ රැස්වීමට ප්‍රහාරයක්

සජිත්ගේ  රත්මලානේ රැස්වීමට ප්‍රහාරයක්

විපක්ෂ නායක මෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ රත්මලානේ රැස්වීමකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා සිය කතාව ආරම්භ කොට මිනිත්තුවක් ගත වෙද්දී කිසියම් පිරිසක් සැලසුම් සහගතව ගල් ප්‍රහාර එල්ල කොට ඇති බව වාර්තා වනවා.

ඒ සමගින් විපක්ෂනායකවරයාගේ ආරක්ෂකයන් වහාම සජිත් ප්‍රේමදාස මහතා වට කොට ආරක්ෂාව සපයා ඇති අතර ප්‍රේමදාස මහතාද නොබියව සිය කතාව සිදුකොට තිබෙනවා.

එහිදී ප්‍රේමදාස මහතා සදහන් කොට ඇත්තේ, ‘බයවෙන්න එපා. මේ ගල් ගැහුවට මම රැස්වීම නතර කරන්නේ නෑ. මේ ගල් ගසන අය පිටිපස්සේ ඉන්න පුද්ගලයන් ගැන මම දන්නවා මදාවියන්ට බයේ මම යන්නේ නෑ’ යැයි කියායි.

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ හිටපු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්දු මහත්මියද වේදිකාවේ සිටියා.

 

 

views

857 Views

Comments

arrow-up