පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමේදී නිවාස ඔප්පුවට ලකුණු දීම අහෝසි කිරීමට යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
30

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමේදී නිවාස ඔප්පුවට ලකුණු දීම අහෝසි කිරීමට යයි

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමේදී නිවාස ඔප්පුවට ලකුණු දීම අහෝසි කිරීමට යයි

පාසල්වල පළමු වසරට සිසුන් ඇතුළත් කිරීමේ සම්මුඛ පරීක්ෂණයේ දී නිවසේ ඔප්පුවට ලකුණු දීමේ ක්‍රමය අහෝසි කිරීමට අවධානය යොමු වී ඇතැයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටියා.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව පැවසුවේ.

පාසල්වල පළමු වසරට සිසුන් ඇතුළත් කිරීමේ දී බොහෝ දෙමව්පියන්ට පදිංචිය තහවුරු කිරීම සඳහා නිවසේ ඔප්පු ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇතැයි කී ඇමැතිවරයා දරුවා වෙනුවෙන් පවත්වන සම්මුඛ පරීක්ෂණයේ දී ඔප්පුව සඳහා ලකුණු 20 ක් ලබා දෙන බව කියා සිටියා.

ඔප්පුවක් නොමැති නම් මෙම ලකුණු 20 නොලැබීම මත දරුවා පාසලට ඇතුළත් කිරීමට දෙමව්පියන්ට නොහැකි වේ. ප්‍රධාන පාසල් ඉදිරිපිට අවුරුදු තිහ හතළිහ පදිංචිව සිටියත් ඔප්පුවක් නොමැති නිසා ඒ අයගේ දරුවන්ට එම පාසලට ඇතුළු වීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයිද කී ඇමැතිවරයා එම තත්ත්වය වෙනස් කර නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන ඇමැතිවරයා බලාපොරොත්තු වන බව කියා සිටියා.

ඒ අනුව ඡන්දය හිමි නාමලේඛනයේ අඛණ්ඩව වසර පහක් නම සඳහන්ව ඇත් නම් සහ ග්‍රාමසේවක ඇතුළු අනෙකුත් බලධාරීන් විසින් එය සහතික කර ඔවුන්ගේ පදිංචිය සහතික කරන්නේ නම් ප්‍රමාණවත් යන අදහස කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමු වූ බවද ඇමැති කෙහෙලිය ප්‍රකාශ කළේ.

 

views

1837 Views

Comments

arrow-up