ඇමති බන්දුල දුන්නේ වැරදි තොරතුරු : මම සමාව අයදිනවා – උදය ගම්මන්පිල කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
20

ඇමති බන්දුල දුන්නේ වැරදි තොරතුරු : මම සමාව අයදිනවා – උදය ගම්මන්පිල කියයි

ඇමති බන්දුල දුන්නේ වැරදි තොරතුරු : මම සමාව අයදිනවා – උදය ගම්මන්පිල කියයි

අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇමතිතුමා විසින් තමන්ට ලබා දුන් වැරදි තොරතුරක් මත පදනම් වී හෝමාගම ඉදිකෙරෙන නව ක්‍රිකට් පිටිය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් මුදල් ලබා දී ඇති බවට තමන් විසින් වැරදි ප්‍රකාශයක් කිරීම පිලිබඳ හිටපු පාර්ලිමේන්තු උදය ගම්මන්පිල සමාව අයැද තිබෙනවා.

 

සිය නිල ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

 

හෝමාගම, ඩයගම ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය සඳහා ජාත්‍යනතර ක්‍රිකට් කවුන්සිලය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 30 ක මුදලක් ප්‍රදානය කරන බවට හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියා.

 

කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ එවැනි ක්‍රීඩාංගනයක් ඉදිකිරීමක් සම්බන්ධයෙන් මුදල් ප්‍රදානය කිරීමක් හෝ එකඟතාවයක් ඇති නොවූ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලියේ මාධ්‍ය සම්බන්ධිකරණ නිලධාරි රාජ්ශේකර් රාඕ ප්‍රකාශ කර තිබුණා.

 

ජාත්‍යන්තර තරග මෙන්ම දේශීය තරග පැවැත්වීම අවම මට්ටමක පවතින ශ්‍රී ලංකාවට මෙවැනි විශාල ක්‍රීඩා පිටියක් හදිසියේ ඉදිකිරිම අවශ්‍යද යන්න හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විමසා සිටියේ මිට දින කිහිපයකට ඉහතදීය. හිටපු නායකයාගේ එම ප්‍රකාශයට සහය පළකරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුණුවන් වන නාමල් සහ යෝෂිත රාජපක්ෂ ද අදහස් පළකර සිටියා.

 

 

views

929 Views

Comments

arrow-up