ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවට උපකාර කරන්න චීන ජනපති ,ජනපති ගෝඨාභයට සහතික වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
14

ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවට උපකාර කරන්න චීන ජනපති ,ජනපති ගෝඨාභයට සහතික වෙයි

ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවට උපකාර කරන්න චීන ජනපති ,ජනපති ගෝඨාභයට සහතික වෙයි

චීනය සහ ශ්‍රී ලංකාව කොරෝනා වෛරසය වැළැක්වීම සහ පාලනය සිදුකරමින් රටේ විවිධ ක්ෂේත්‍රවල සිදුකෙරෙනා සංවර්ධන කටයුතු යලි ආරම්භ කිරීම සුදුසු බව චීන ජනාධිපති ෂී ජින් පිං යෝජනා කර සිටිනවා. චීන ජනාධිපතිවරයා ඊයේ (13) රාත්‍රියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සිදුකළ දුරකථන සංවාදයකදී මේ බව ප්‍රකාශ කළ බවයි Xinhua ප්‍රවෘත්ති සේවය වාර්තා කර සිටියේ.

 

කොරෝනා වෛරසයට එරෙහිව චීනය මුහුණදී තිබු තීරණාත්මක මොහොතක ශ්‍රී ලංකා සමාජයේ විවිධ කොටස් තම රටට ලබාදුන් ක්‍රියාකාරී සහය සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කර තිබෙනවා.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශක්තිමත් නායකත්වය යටතේ ශ්‍රී ලංකාව තුල කොරෝනා වසංගතය ප්‍රතිපලදායි ලෙස පාලනය කර ඇති බවත් අවශ්‍ය ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට චීනය ඉදිරිපත්වන බව මෙහිදී ජනාධිපති  ෂී ජින් පිං ප්‍රකාශ කර ඇත.

 

මුල් අවධියේදීම ශ්‍රී ලංකාවේ ජනතාව කොරෝනා වසංගතය පරාජය කරනු ඇතැයි චීන ජනාධිපතිවරයා මෙහිදී සිය විශ්වාසය පළ කොට ඇති බවයි  Xinhua ප්‍රවෘත්ති සේවය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

 

වසංගත සමයේදී තම පුරවැසියන් රැකබලා ගැනීම පිළිබඳවචීන ජනාධිපතිවරයා මෙහිදී  ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ස්තූතිය පුද කළ අතර, තම රටේ සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය සහතික කිරීම සඳහා සිය රජය අඛණ්ඩව කටයුතු කරන බවට සහතික කොට තිබෙන බවයි වාර්තා වේ දැක්වෙන්නේ.

views

1061 Views

Comments

arrow-up