මහජනයාට පිඩා නොවන ලෙස නිදහස් උළෙල අභිමානවත්ව සැමරීමට සියල්ල සූදානම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
04

මහජනයාට පිඩා නොවන ලෙස නිදහස් උළෙල අභිමානවත්ව සැමරීමට සියල්ල සූදානම්

මහජනයාට පිඩා නොවන ලෙස නිදහස් උළෙල අභිමානවත්ව සැමරීමට සියල්ල සූදානම්

“සුරක්ෂිත දේශයක් – සෞභාග්‍යමත් රටක්” තේමාව ඔස්සේ 72 වන නිදහස් දින සැමරුම් උත්සවය අභිමානවත් අන්දමින් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.

 

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජාතික දින උත්සවය උත්කර්ෂවත් හා අභිමානවත් ලෙස පැවැත්වීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මේ වන විටත් ඒ සඳහා කටයුතු සුදානම් කර ඇත.

 

ජාතික දින උත්සවයේ සූදානම සම්බන්ධවයෙන් සාකච්ඡා කිරීමේ රැස්වීමක් අද (3) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී පැවැති අතර සුරක්ෂිත දේශයක් සෞභාග්‍යමත් රටක් තේමාව ඔස්සේ ජාතික දින උත්සවය පැවැත්වීමට එහිදී තීරණය විය.

 

පසුගිය වසරට සාපේක්ෂව ජාතික දින පෙළපාලියට සහභාගි වන සංඛ්‍යාව සියයට 30කින් අඩු කිරීමටත් තේමාවට සරිලන සංස්කෘතික අංග පමණක් ඊට සහභාගි කරවා ගැනීමටත් මෙහිදී අවධානය යොමු විය. තම ජීවිත නොකතා අනෙක් අයගේ ජීවිත බේරා ගත් අයගේ එකතුවක් වන වීර පොදුජන පදනම ද ජාතික දින පෙළපාලිය සඳහා එක්වීමට අවසර ඉල්ලා ඇති බැවින් ඊට අවස්ථාව සලසා දීමටද එහිදී තීරණය විය.

 

ජාතික දිනය දා, සෑම නිවසකම ජාතික ධජය එසවීමටත්, රට පුරා සෑම නිවසකම එකම මොහොතකදී ප්‍රයෝජනවත් පැළයක් රෝපණය කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා එහිදී දැනුම් දී තිබෙනවා.

 

විශේෂයෙන් මහජනතාවට බාධා නොවන අයුරින්, උත්සව භූමිය ආශ්‍රීත ප්‍රදේශයේ ආරක්ෂව තහවුරු කිරීම, රථ වාහන හැසිරවීම, මෙන්ම පෙර පුහුණුවීම් කටයුතු පැවැත්වීමට සියලු දෙනාගේ අවධානය යොමු විය යුතුව ඇතැයිද එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් සිටියා.

views

884 Views

Comments

arrow-up