A/L ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අවස්ථාව

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා ලබන ජනවාරී 17 වැනි දිනට පෙර යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා පැවසීය.
පාසල් අයදුම්කරුවන් සඳහා වන නැවත පරීක්ෂණ අයදුම් පත්‍ර , ප්‍රතිඵල ලේඛන සමඟ විදුහල්පතිවරුන් වෙත යොමු කර තිබෙන අතර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් ඉදිරියේ දී ජාතික පුවත්පත්වල පළ කරන දැන්වීම් අනුව පෞද්ගලික අයදුම්කරුවන් අයදුම්පත්‍රය සම්පූර්ණ කර එවිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා කීය.
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් 011 2784208 / 011 2784537 / 011 3188350 සහ 011 3140314 යන දුරකතන අංක අමතා විමසීමට හැකිය.
1159 Views
Comments