කුරුණෑගල නගරාධිපතිගේ නඩු ගාස්තුව විස්එක් ලක්ෂ අසූදහසක් – මහජන මුදලින් ගෙවන්න සුදානම්

කුරුණෑගල ඓතිහාසික රාජ සභා මණ්ඩපයට හානි කිරීමේ සිද්ධියට අදාළව කුරුණෑගල නගරාධිපතිවරයාට පවරා ඇති නඩුවට අදාළ ගාස්තු කුරුණෑගල මහ නගර සභාවෙන් ගෙවීමේ යෝජනාවක් ඊයේ (17 ) අනුමත වී තිබෙනවා.
කුරුණෑගල මහ නගර සභා රැස්වීම ඊයේ (17 ) පැවැත් වුණා. එහිදී මුදල් කමිටුව මගින් රුපියල් විස්එක් ලක්ෂ අසූදහසක මුදලක් නඩුවේ නීතිඥ ගාස්තු ලෙස ගෙවීමේ යෝජනාවක් නගරාධිපති වෙනුවෙන් උප නගරාධිපති සුමිත් උඩවාසල විසින් ඉදිරිපත් කරනු ලන්බුවා.
අදාළ යෝජනාව සම්මත කරන අවස්ථාවේදී මාධ්‍යවේදීන් සභාවෙන් ඉවත් කර නාගරික මන්ත්‍රීවරුන් එම යෝජනාව සම්මත කරගෙන තිබෙනවා.ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු සහ හිටපු නගරාධිපතිවරයා යෝජනාවට විරුද්ධ වී ඇති බව වාර්තා වනවා..
කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණගේ නියෝගයක් මත ඉකුත් ජූලි 14 වැනිදා කුරුණෑගල නගරය මැද පිහිටි ඉපැරැණි ගොඩනැගිල්ල ඩෝසර් කළ බවට චෝදනා එල්ල වනවා.
මේ නිසා නගරාධිපතිවරයා ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගැනීමටද වරෙන්තු නිකුත් කෙරුණා.එම වරෙන්තුව මෙම 24 වැනිදා තෙක් ක්‍රියාත්මක නොකරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
701 Views
Comments