යළි වරෙන්තු - කුරුණෑගල නගරාධිපති සොයා මෙහෙයුම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
11

යළි වරෙන්තු - කුරුණෑගල නගරාධිපති සොයා මෙහෙයුම්

 යළි වරෙන්තු - කුරුණෑගල නගරාධිපති සොයා මෙහෙයුම්

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාට සහ අනෙක් සැකකරුවන්ට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා විසින් යළි වරෙන්තු නිකුත් කර තිබෙනවා.

 

නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට පොලීසිය අසමත් වීම හේතුවෙන් කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා වැඩබලන පොලිස්පති මාර්ගයෙන් යළි වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන්.

 

ඒ අනුව කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුලු සැකකරුවන්ට රටින් පිටවීම වැළැක්වීමේ නියෝගයක්ද නිකුත් කර තිබෙනවා.

 

ඔහු ඇතුලු සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගෙස් ඇති බවත් සැකකරුවන් සොයා මේ වන විට පොලිස් කණ්ඩායම් 4 ක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

 

කුරුණෑගල බුවනෙකබා ගොඩනැගිල්ල කඩා දැමීමේ සිද්ධියට අදාළවයි ඔවුන්ට චෝදනා එල්ල වන්නේ.

 

views

957 Views

Comments

arrow-up