ජාතික ලයිස්තුවේ නම් 19ක් ගැසට් කෙරේ

නව පාර්ලිමේන්තුව සඳහා නම් කළ යුතු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 29 දෙනාගෙන් 19 දෙනෙකුගේ නම් ඇතුලත් අති විශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබ තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සහ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයෙන් ඉදිරිපත් කළ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් එලෙස ගැසට් කොට ඇත්තේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
1.මහාචාර්ය ජී. එල්. පීරිස්
2.නීතිඥ සාගර කාරියවසම්
3.අජිත් නිවාඩ් කබ්රාල්
4.ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි
5.ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ
6.විශ්‍රාමික ගුරු උපදේශිකා මංජුලා දිසානායක
7.ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර
8.මහාචාර්ය චරිත හේරත්
9.ගෙවිඳු කුමාරතුංග
10.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසාම්මිල්
11.මහාචාර්ය තිස්ස විතාරණ
12.ඉංජිනේරු යදාමිණි ගුණවර්ධන
13.ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන්
14.ව්‍යාපාරික ටිරාන් අලස්
15.විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල
16.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ
17.මොහොමඩ් ෆලීල් මර්ජාන්
මීට අමතරව, ඉලංගෙයි තමිල් අරසු කච්චි, තවරාජ කලෙයිඅරසන් සහ අහිල ඉලංගෙයි තමිල් අරසු කොංග්‍රසයෙන් සෙල්වරාසා ගජෙන්ද්‍රන් යන මහත්වරුන් පාර්ලිමේන්තු සභිකයින් ලෙස නම් කර ඇත.
සෙසු දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තු, එළඹෙන සිකුරාදාට ප්‍රථම ලබාදෙන ලෙස අදාළ දේශපාලන පක්ෂ වෙත මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා.
865 Views
Comments