කප්පම් ලෙස ගත් මිලියන 500 නොදුන්නොත් හඬපට එළියට දැමීමට නිශ්ශංක සූදානමින්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
13

කප්පම් ලෙස ගත් මිලියන 500 නොදුන්නොත් හඬපට එළියට දැමීමට නිශ්ශංක සූදානමින්

කප්පම් ලෙස ගත් මිලියන 500 නොදුන්නොත් හඬපට එළියට දැමීමට නිශ්ශංක සූදානමින්

තම බිරිඳ සහ දරුවා සිරගත කරන බවට තර්ජනය කරමින් තමන්ගෙන් ලබාගත් රුපියල් මිලියන 500ක කප්පම් මුදල තමන්ට ආපසු නොගෙවන්නේ නම් ඊට අදාළව තමන් සතුව ඇති පසුගිය යහපාලන රජයේ ප්‍රබලයින් සම්බන්ධ හඬපට ද එළියට දැමීමට තමන් දෙවරක් නොසිතන බව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ප්‍රකාශ කර තිබේ. 

 


දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඒ මහතා තමන්ගේ සුවදුක් විමසීම සඳහා පැමිණි භික්ෂුන් වහන්සේ කෙනෙකු අත මේ බව දන්වා ඇති බවයි Save Avant Garde ෆේස්බුක් පිටුවෙහි සඳහන් වන්නේ. 

 


පසුගිය යහපාලන රජයේ ඉහළම ප්‍රබලයින්ගේ පුතුන්, බෑණාවරුන්, සහෝදරයින් සහ හිටපු ප්‍රබල ඇමතිවරුන් ගණනාවක් තමන්ගෙන් ඉතාම අයුතු ලෙස මෙසේ කප්පම් ලබාගෙන ඇති බව සඳහන් කර ඇති ඒ මහතා ඔවුන් කප්පම් ඉල්ලීම සඳහා ගත් දුරකථන ඇමතුම් සියල්ලම තමන් පටිගත කරගෙන සිටින බව ද සඳහන් කර ඇත

 

views

4068 Views

Comments

arrow-up