ජනපති ගෝඨාභය සහ ඉන්දීය අගමැති මෝදි අතර ද්විපාර්ශවික සාකච්ඡා ඇරඹෙයි (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
29

ජනපති ගෝඨාභය සහ ඉන්දීය අගමැති මෝදි අතර ද්විපාර්ශවික සාකච්ඡා ඇරඹෙයි (PHOTOS)

ජනපති ගෝඨාභය සහ ඉන්දීය අගමැති මෝදි අතර ද්විපාර්ශවික සාකච්ඡා ඇරඹෙයි (PHOTOS)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවෙන් අනතුරුව දෙරට අතර ද්විපාර්ෂික සාකච්ඡා ආරම්භ කෙරුණා. මෙරට දෙමළ ප්‍රජාජාවගේ අපේක්ෂාවන් සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

 

ශ්‍රී ලංකාවේ නව රජය අනුගමනය කරන වැඩපිළිවෙළට ඉන්දීය රජයේ පූර්ණ සහාය හිමිවන බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවේ ප්‍රකාශ කළා.

 

මේ අතර ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ද ජනාධිපතිතුමා හමුවුණා.

 

ජනාධිපතිතුමාගේ ඉන්දීය සංචාරය අතුරතුරයි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා හමුවුණේ. ඒ නවදිල්ලි නුවරදී. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනය පරිදි සිය ප්‍රථම නිල චාරිකාව සදහා ඉන්දියාව තෝරා ගැනීම පිළිබදව ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපතිතුමා වෙත ප්‍රසාදය පළකළා. දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය මෙම චාරිකාව සමග තවදුරටත් ශක්තිමත් වනු ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළා. ආර්ථික සංවර්ධනය අරමුණු කරගත් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත නව ප්‍රවේශයකින් දෙරටේ සබදතා නව යුගයකට ගෙනයාම ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ අපේක්ෂාව බවයි ජයශංකර් මහතා පැවසුවේ.

 

දෙරට අතර ව්‍යාපාරික හා ආයෝජන සහයෝගීතාව සම්බන්ධයෙන් ද අදහස් පළකෙරුණා. ඉන්දියාවේ චාරිකාවක් සදහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිදු කළ ආරාධනය ගැන කෘතඥතාව පළකළ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ද්වීපාර්ශ්වික මිත්‍රත්වය වර්ධනය කර ගැනීම සිය අපේක්ෂාව බවද කියාසිටියා. දෙරටේ නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවන්ට එක්වුණා.

 

 

 

 

 

 

views

726 Views

Comments

arrow-up