ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 550ක්

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් නැංවීම සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක නව ණය මුදලක් ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළා.
නවදිල්ලි නුවරදී ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවලින් අනතුරුව මෙම ණය මුදල ප්‍රකාශයට පත්කළා.
මීට අමතරව ත්‍රස්තවාදී කටයුතු මැඩ පැවැත්වීම වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 50ක්ද ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති ව්‍යාපෘති සංවර්ධනය කිරීම සඳහා දැනට පවතින ඩොලර් මිලියන 100 ක ණය මුදල භාවිත කිරීමටද මෙහිදී දෙරටේ නායකයන් එකඟ වුණා.
724 Views
Comments