STF ඇතුළු පොලීසියේ 17කට කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
27

STF ඇතුළු පොලීසියේ 17කට කොරෝනා

STF ඇතුළු පොලීසියේ 17කට කොරෝනා

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් ඇතුළු පොලිස් නිලධාරින් 17දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඒ අතර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් 10දෙනෙකු සිටින බවයි පොලිස් නිලධාරින්ට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනයවීම හේතුවෙන් පොලිස් නිලධාරින් 400 දෙනෙකු පමණ මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.

 

ඊට අමතරව තවත් පොලිස් නිලධාරින් පිරිසක් ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. කැලණිය, කළුබෝවිල, රාජගිරිය යන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරුවල සිටින නිලධාරින් ද එම කඳවුරුවලම නිරෝධායනය සඳහා යොමුකර ඇති බව අජිත් රෝහණ මහතා පැවසීය.

 

 

views

708 Views

Comments

arrow-up