අද එන්නේ නැති අයගේ සැබෑ තත්ත්වය ජනතාව දන්නවා – අගමැති මහින්ද රාජපක්‍ෂ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
04

අද එන්නේ නැති අයගේ සැබෑ තත්ත්වය ජනතාව දන්නවා – අගමැති මහින්ද රාජපක්‍ෂ

අද එන්නේ නැති අයගේ සැබෑ තත්ත්වය ජනතාව දන්නවා – අගමැති මහින්ද රාජපක්‍ෂ

රටේ උදාවී තිබෙන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට දේශපාලන පක්‍ෂ නායකයින්ට මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට අරලියගහ මැඳුරට අද (04 දා) පැමිණෙන ලෙසට ඇරැුයුම් කළත් එය ප‍්‍රතික්‍ෂේප කරන උදවියගේ සැබෑ තත්ත්වය ජනතාව දැන් ඉතා හොඳින් වටහා ගෙන ඇතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 

අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

 

මේ උදවියට ආරාධනා කළේ එකිනෙකාගේ සුවදුක් ඇසීමට නොවෙයි. අද රටේ උද්ගත වී තිබෙන ප‍්‍රශ්න පිළිබඳව සාකච්ඡුා කර කිසියම් නිගමනයකට එළඹීමටයි.

 

කොරෝනා වසංගතය මැඬලීම සඳහා ආණ්ඩුව ගන්නා ක‍්‍රියාමාර්ගවලට සම්පූර්ණ සහාය දීම ඔවුන්ගේ වගකීමයි. එසේ තිබියදීත් සමහරුන්ට අද අවශ්‍ය වී ඇත්තේ දේශපාලනය කිරීමටයි. රටේ ජනතාව අද මුහුණපාන ප‍්‍රශ්නවලට මැදිහත් වෙන එක ඔවුන් මගහරිනවා. එයාලට ඕනෑ පාර්ලිමේන්තුව විවෘත කිරීමටයි. ජනතාව දැන් සැබෑ තත්ත්වය අවබෝධ කරගෙන ඉන්නවා. කිසිඳු හේතුවක් නැතිව ඔවුන්ට අවශ්‍ය අපට මඩ ගහන්නයි.

 

රටේ පොදු ප‍්‍රශ්න විසඳීම සඳහා සාකච්ඡුා මාර්ගවලට එන්නේ නැති උදවිය මැතිවරණයේදී ජනතාව හමුවේදී කියන ප‍්‍රකාශ පවා හාස්‍යජනකයි.

views

2027 Views

Comments

arrow-up