දකුණු කොරියාවේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයෝ ආපසු යන්න අවසර ඉල්ලති
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
27

දකුණු කොරියාවේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයෝ ආපසු යන්න අවසර ඉල්ලති

දකුණු කොරියාවේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයෝ ආපසු යන්න අවසර ඉල්ලති

දකුණු කොරියාවේ සේවය කරන ශ‍්‍රී ලාංකීය ශ‍්‍රමිකයන්ගේ  කොරියා ලංකා සහෝදර එකමුතුව  නම් සංවිධානයේ නියෝජිත පිරිසක් විසින්  රත්නපුර ප‍්‍රදේශයෙහි පැවත්වූ මාධ්‍ය හමුවකදී  පවසා සිටියේ තම රැකියාවන්හි සුරක්‍ෂිත බව සහ ස්ථාවරත්වය ආරක්‍ෂාකර ගැනීමට නැවත දකුණු කොරියාවට යාමට අවස්ථාව සලසා දෙන මෙන් ජනපති ප‍්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටින බවයි.

 


රැකියා සඳහා ලබාගත් වීසා මත දකුණු කොරියාවේ සේවය කරන ලාංකීය ශ‍්‍රමිකයන් වන මෙම පිරිස මේ වසරේ ඔවුන්  ලද නිවාඩුවදී ශ‍්‍රීලංකාවට පැමිණි බවත්, පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ නැවතත් ඔවුන්ගේ රැකියාව සඳහා  දකුණු කොරියාවට යාමට නොහැකිවීමෙන් මතුව තිිබෙන අර්බුදකාරී තත්වය පිලිබඳව මෙසේ අදහස් දැක්වූහ.



කොරියා ලංකා සහෝදර එකමුතුව සංවිධානයේ  කැඳවුම්කරු රොෂාන් වික‍්‍රමනායක මහතා මෙසේ කිය.



‘‘අපි  දකුණු කොරියාවේ සේවය කරන ශ‍්‍රී ලාංකීය ශ‍්‍රමිකයන්. අපි ලංකාවට ආවේ, අපට ලැබුන නිවාඩුවට. දැන් තිබෙන තත්වය මත රටවල් අතර, ගුවන් ගමන් තාවකාලිකව  අත්හිටුවා නවතා දමා තිබෙන්නේ. ඒනිසා අපට ආපසු දකුණු කොරියාවට යාමට නොහැකිව තිබෙන හේතුව මත අපගේ රැුකියාවන් අහිමිවී යාමේ අවදානමට අප මුහුණදී තිබෙනවා.

 

ලංකාව පුරා විවිධ ප‍්‍රදේශවලින් දකුණු කොරියාවේ රැකියාවල නිරත අප සංවිධානයේ දෙසිය පනහක් පමණ පිරිස මෙසේ නිවාඩුව ලබා ලංකාවට පැමිණි අය අතර සිටිනවා. සාමාන්‍යයෙන් නිවාඩුව දවස් 30ක් පමණ. දැන් ඒ කාලය ඉකුත්වූ අයත් ඉන්නවා.

 

වඩාත්ම අර්බුදකාරී  තත්වය  නම් වසර තුනක වීසා නිකුත් කිරීම් මත දකුණු කොරියා රැකියාවන්හි නිරතවන අප වැනි ලංකාවේ ශ‍්‍රමිකයන්ගේ රැුකියාවේදී එම තෙවසර නික්මයාමත් සමඟ නැවත සිවුවන වසර සඳහා වීසා ලබාගැන්ම අප සේවය කරන ආයතන ප‍්‍රධානියාගේ අනුමැතිය සහ අභිමතය මත සිදුවන්නක්වීම. මේ නිසා අප  එරට  රැුකියා සඳහා ගොස්  වසර තුන සම්පූර්ණවීමට ආසන්නව තිබියදී එහි  අපගේ සේවා ස්ථානවල  සේවයට වාර්තා කිරීම අනිවාර්යයෙන් සිදුකළ යුතු අත්‍යාවශ්‍ය කටයුත්තක්. එසේ නොකළහොත් එරට පවතින නීති අනුව නැවතත් දකුණු කොරියාවේ රැකියා සඳහා වීසා ලබාගැනීමට හැකියාවක් නෑ.

views

1039 Views

Comments

arrow-up