පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම යුධ හමුදාව යටතට ගෙන නෑ - හමුදාපති
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
27

පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම යුධ හමුදාව යටතට ගෙන නෑ - හමුදාපති

පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම යුධ හමුදාව යටතට ගෙන නෑ - හමුදාපති

පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම හමුදාව යටතට ගෙන නොමැති බවත් පොලිස්පතිවරයාගේ ඉල්ලීම පරිදි යම් ප්‍රමාණයක් පමණක් යොදවා ඇති බවත් හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

 

"පොලිස්පතිතුමා විසින් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරලා තිබුණා. ඔවුන්ගේ ඔබ දන්නවා සෑම නිවසකටම පී එච් අයි මහත්තුරුත් එක්ක ගමන් කරන්නේ ඔවුන්. රට පුරාවටම මේක දැන් යම් යම් ප්‍රදේශවලට ගිහින් තිබෙන නිසා පොලිසියේ විශාල ප්‍රමාණයක් රාජකාරිවලට යොදවනවා. ඉතින් ඔවුන් පුළුවන් පුළුවන් තැන්වලින් මුදලවා දීලා ඒ රාජකාරිවලට අපෙ අය යොදවන අවස්ථා ඕනෙ තරම් තිබෙනවා. 

 

සම්පූර්ණයෙන් පාර්ලිමේන්තුව කිසිසේත්ම බාර අරන් නෑ. පොලිසිය ඉන්නවා, එස් ටී එෆ් එකත් ඉන්නවා. ඊට අමතරව යම්කිසි ප්‍රමාණයක් අපට හැකි පමණින් මුදවලා තියෙනවා අපේ රාජකාරි අතරේ සුළු පිරිසක් යොදවලා තියෙනවා. තවදුරටත් පොලිසිය තමයි පාර්ලිමේන්තුවේ රාජකාරි කරගෙන යන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

views

1384 Views

Comments

arrow-up