බෞද්ධ අන්තවාදය ක්‍රියාත්මක කරවීමට බොදු බල සේනාවට නෝර්වේ ආධාර

ශ්‍රී ලංකාව තුළ බෞද්ධ අන්තවාදය ක්‍රියාත්මක කරවීම උදෙසා නෝර්වේ රාජ්‍යය, ගලගොඩඅත්තේ ඥනසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනා සංවිධානයට මුදල් ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (28) පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේය.
බෞද්ධ අන්තවාදයට අදාළ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා බොදුබල සේනාවේ භික්ෂූන් කණ්ඩායමක් නෝර්වේ රාජ්‍යයට ගෙන්වාගෙන මාර්ගෝපදේශනයක් ලබා දීමට එම රාජ්‍යයේ පිරිසක් කටයුතු කර ඇති බවද විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේය.
තමා පසුගිය යහපාලන ආණ්ඩුවේ අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය ධූරය දැරූ සමයේ කළ සොයා බැලීමකදී මෙම කරුණු අනාවරණය කර ගැනීමට හැකි වූ බවද ඒ මහතා පැවසීය.
කුලියාපිටියේදී සහ කුරගල දී බොදුබල සේනාවේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුස්ලිම් ජනතාව සමග ගැටුම් ඇතිකරගෙන ජාතිවාදී කෝලාහලයක් දක්වා එය වර්ධනය කිරීමට උත්සාහ කළ ද අධිකරණ අමාත්‍යවරයා ලෙස තමාගේ මැදිහත්වීම මත ආරක්ෂක අංශ යොදවා එම තත්ත්වය මැඩ පැවැත්වීමට හැකිවූ බවද විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේය.
පැය හතරකට ආසන්න කාලයක් විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේය.
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කර තිබෙන විශේෂ කාර්යාලයේ දී අද රැස්විය.
1043 Views
Comments