ආනයනික ලොකු ළූණු සඳහා උපරිම සිල්ලර මිලක්

ආනයනික ලොකු ළූණු කිලෝවක් හෙට සිට විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 190ක් ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය නියම කර තිබේ.
ෙමේ දිනවල මෙරට වෙළදපලේ ලොකු ළූණු කිලෝග්‍රෑමයක් අලෙවි වන මිල යළි ඉහළ ගොස් ඇති අතර ඒ පිළිබද අප කළ සොයා බැලිමකදී වෙළදුන් පැවසුවේ රුපියල් 330 පමණ සිට රුපියල් 360ක අතර මිලකට කිලෝග්‍රෑමයක් අලෙවි කරන බවයි.
කෙසේ වෙතත් එළැඹෙන අලුත් අවුරුදු සමයේදී මෙරට වෙළඳපොළ තුළ ලොකු ළූණු මිල ඉහළ යෑම වැලැක්වීම සඳහා ආනයනකරුවන් මාර්ගයෙන් ලොකු ළූණු කිලෝග්‍රෑම් ලක්ෂ 7ක් මෙරටට පසුගියදා ආනයනය කර තිබේ.
නැව් ගාස්තුද සහිතව රුපියල් 112කට ආනයනය කර ඇති එම ළූණු කිලෝවක් ලංකා සතොස ආයතනයට සැපයිය හැක්කේ රුපියල් 340ක් වැනි වැඩි මිලකට බව ආනයනකරු පවසා ඇත.
687 Views
Comments