ලයිෂන් නැතිව රිය පැදවූ SSPගේ දුව වාහන පොඩි කරයි

බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ දියණිය ධාවනය කළ අති සුඛෝපභෝගී රියක් කොළඹ 7, කුරුඳුවත්ත ප්‍රදේශයේ වාහන අලෙවිසලකට කඩා වැදී ඇත.
ඇයට රියදුරු බලපත්‍රයක් පවා නැතැයි පරීක්ෂණවලදී හෙළිවී තිබේ. ඉන් එම වෙළෙඳ ආයතනයට බරපතළ අලාභහානි සිදුවී ඇත.
මෙම තරුණියගේ සොයුරාද 2019 මාර්තු 9 වැනිදා නොසැලකිලිමත් අයුරින් රිය ධාවනය කිරීමෙන් වූ අනතුරකින් එවකට බොරැල්ල පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපතිගේ ජීවිතයද අහිමි වී ඇති බවද පොලිසිය පවසයි.
මේ සම්බන්ධව නාගරික රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩගෙන් විමසූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ; ‘නිසි විමර්ශන කුරුඳුවත්ත පොලිසිය විසින් සිදුකරන බව හා රිය පැදවූ බව කියන තරුණියට රියදුරු බලපත්‍රය නොමැති බව හෙළි වී ඇති බවයි. ඉදිරි විමර්ශන කුරුඳුවත්ත පොලිසිය සිදුකරයි.
අරුණ
857 Views
Comments