රන්ජන්ගේ ඇමතුම් අධිකරණ තීන්දුවලට බලපෑම් කරන බවක් පේන්න නෑ - පාඨලී

අසීමාන්තික බලයක් ලබා නොදී ප්‍රජාතන්ත්‍රවාදය සුරැකෙන ආණ්ඩුවක් පවත්වාගෙන යන අතර ශක්තිමත් විපක්ෂයනක්ද නිර්මාණය විය යුතු බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මතභේදාත්මක දුරකතන සංවාද සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඒ මහතා කියා සිටියේ අදාළ දුරකථන සංවාද සාමාන්‍ය ජන මාධ්‍යවලට සංසරණය වුයේ කෙසේදැයි සොයා බැලිය යුතු බවයි.
එසේම විමර්ශනය සිදුකරන නිලධාරීන් සහ විනිසුරුවරුන් සමඟ දුරකතන සබඳතා පැවැත්වීම සදාචාරත්මක නොවන බව ද පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
එසේම අදාළ දුරකථන ඇමතුම්වලින් අධිකරණ තීන්දුවලට බලපෑම් කරන බවක් දක්නට නොහැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
733 Views
Comments