ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වලට එකඟ වෙන්න බැහැ

පාර්ලිමේන්තුවට ගෙනවිත් තිබෙන 21 හා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සුළු ජාතික පක්ෂයක් හා සුළු ජාතියක් ලෙස ඊට එකඟ නොවන බව කඳුරට ජනතා පෙරමුණ පක්ෂයේ නායක, හිටපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මහතා පැවැසීය.
තලවකැලේ නගරයේදි ඊයේ (04) පැවැති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් ඒ මහතා එසේ කීය. හිටපු අමාත්‍යවරයා තවදුරටත් එහිදී අදහස් දක්වමින් මෙසේද පැවැසීය.
‘‘විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගෙනවිත් තිබෙන 21 හා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් මගින් එතුමා කියන්නේ දැනට සියයට 5ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන පාර්ලිමේන්තුවට යාමේ අවස්ථාව නැතිකරලා එය සියයට 12.5ක් දක්වා වැඩිකර එම ඡන්ද ප්‍රතිශතයක් පාර්ලිමේන්තු යාමට ගන්න අවශ්‍ය බවයි. එහෙම වුනොත් සුළු ජාතික පක්ෂවලට හෝ සුළු ජාතීන්ට පාර්ලිමේන්තුවට යාමට නොහැකි වෙනවා.
ඒ අයගේ බලාපොරොත්තුවක් තියෙන්නේ මහ පක්ෂයක් එක්ක එකතුව ඡන්දය ඉල්ලන්න අවශ්‍යයි කියලයි. ඒ අයගේ අදහස හැමදාම සුළු ජාතික පක්ෂ සමග සම්බන්ධ වෙන්න බැහැ කියලයි. කෙලින්ම ඡන්දය අරගෙන ඇවිත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න අවශ්‍යයි කියලා. එහෙම සුළු ජාතීන් හා සුළු ජාතික පක්ෂ ප්‍රතික්ෂේප කරලා ඒ අය පක්ෂය ගෙනයනවා නම් ඉස්සරට ඔවුන් අමාරුවේ වැටෙනවා.
විජයදාස රාජපක්ෂ මහතා පක්ෂ මාරු කරමින් එහෙට මෙහෙට නිතරම පනින අයෙක්. එයා කියන කරන දේවල් මේ රටේ ජනතාව පිළි ගන්නේ නැහැ. එක පක්ෂයක ඉන්න කොට එකක් කියනවා. අනෙක් පක්ෂයට මාරුවුණාම තව එකක් කියනවා. ප්‍රතිපත්තියක් නැති ඒ වගේ අය කියන ඒවා අපිත් පිළිගන්නේ නැහැ.‘‘ යයි කීය.
809 Views
Comments