අපට දීපු ජනවරම අනුව අපි ක්‍රියා කළේ නැහැ - පාඨලී
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
05

අපට දීපු ජනවරම අනුව අපි ක්‍රියා කළේ නැහැ - පාඨලී

අපට දීපු ජනවරම අනුව අපි ක්‍රියා කළේ නැහැ - පාඨලී

ජනමතය නොසලකා කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තම ආණ්ඩුවට පරාජයට පත්වීමට සිදුවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. හෝමාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරුයා ඒ බව සඳහන් කළේය.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය.“අපි අපිට දීපු ජනවරම අනුව ක්‍රියා කළේ නෑ. අපිට දීපු ජනවරමෙන් දැන උගත් ජනතාව බලාපොරොත්තු වුණා රාජපක්ෂ රජයේ සංවර්ධනය නමින් සිදු වුණු විශාල ජාතික මංකොල්ලයට යම් පියවරක් ගනී කියලා.

 

නමුත් අපේ පොලිස් ඇමතිවත්, අපේ අධිකරණ ඇමතිවත් ඒ කටයුත්තට මැදිහත් වුණේ නෑ.අද කොච්චර වේගයෙන් වැඩ කරගෙන යනවාද කියලා පේනවා.

 

2018 පැවැත්වු ඒ පළාත් පාළන මැතිවරණයේ දී ආණ්ඩු බලය තියාගෙන අපිට පාලන බලය අහිමි වුණා.

 

ඒකට ප්‍රධානම හේතුව 2015 දී අපිට දීපු ජනවරම අමතක කරලා අපි කටයුතු කිරීම සහ වංචාකාරයින්ට පැහැදිලිව දඬුවම් නොදීම.”

views

721 Views

Comments

arrow-up