ජනමතයට ගරු කරමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි - වජිර අබේවර්ධන
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
19

ජනමතයට ගරු කරමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි - වජිර අබේවර්ධන

ජනමතයට ගරු කරමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි - වජිර අබේවර්ධන

ජනමතයට ගරු කරමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා පූර්ණ සහයෝගය රජයට ලබාදිය යුතුව ඇතැයි අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.

 


ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡාවක් ඊයේ (18)පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

 


වත්මන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණ පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා අවශ්‍ය පියවර ගත යුතු බවත් එහිදී වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේය.

 


කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පවසන්නේ නියමිත කාලයට පෙර පාර්ලිමේන්තු විසුරුවා හැරීම සඳහා තුනෙන් දෙකක අනුමැතිය ලබාදීමට තමන් සූදානම් නොමැති බවයි.

 

views

742 Views

Comments

arrow-up