මම දැන් ලංකාවේ පුරවැසියෙක් පමණයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
12

මම දැන් ලංකාවේ පුරවැසියෙක් පමණයි

මම දැන් ලංකාවේ පුරවැසියෙක් පමණයි

තමන් මේ වන විට ඇමෙරිකානු පුරවැසියෙක් නොවන බවත් ලංකාවේ පුරවැසියෙක් පමණක් බවත් ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. දෙරණ රූපවාහිනි නාලිකාවේ 360 සංවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

 

“ඇමෙරිකානු පුරවැසිභාවය කියන්නේ මගේ පුද්ගලික දෙයක්. ඕනෑම පුද්ගලයෙකුට ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ ක්‍රියාමාර්ගය ඒ අය පැහැදිලි කරලා තිබෙනවා. ඒක හරි සරළ දෙයක්. මට අවශ්‍ය වුණා ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට. මම ඇමෙරිකානු තානාපති කාර්යාලයට ගිහින් ඒක ප්‍රකාශ කළා. ඒ අය මට ඉල්ලුම්පත්‍ර භාර දුන්නා.

 

එම ඉල්ලුම් පත්‍ර පුරවලා භාර දුන්නට පස්සේ යන ක්‍රමවේදයට ගිහින් මුලින්ම මුදල් ගෙවන්න ඕන. ඒ මුදල ගෙව්වට පස්සේ ඒ අය ක්‍රමවේදය ආරම්භ කරනවා. තානාපති කාර්යාලයට එන්න කියලා මම පුරවැසියෙක් නෙමෙයි කියලා දිවුරුමක් දෙන්න ඕන. ඒක කළාට පස්සේ මගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අදාළ සහතිය භාර දුන්නා.

 

මම ඇමෙරිකානු පුරවැසියෙක් ලෙස ලබාගත් ඇමෙරිකානු ගුවන් ගමන් බලපත්‍රය තුළ අවලංගු කර තිබෙනවා. මම දැන් ලංකාවේ පුරවැසියෙක් පමණයි.මම මේක විස්තර කරන්නෙත් මට චෝදනා කරපු අය නිසා නෙමෙයි. ජනතාව අතර සැකයක් ඇති කළා නම් ජනතාවගේ දැන ගැනීම සඳහා පමණයි”

views

755 Views

Comments

arrow-up