ඔත්තු දෙන අයට තෑගි මුදල් වැඩි කරයි

නීති විරෝධිව තබාගන්නා ගිනි අවි හා අත් බෝම්බ සෙවීමේ මෙහෙයුම් වැඩි කිරීමේ අරමුනින් ඒ සඳහා සියලු පොලිස් නිලධාරීන් සහ පුද්ගලික ඔත්තුකරුවන් දිරි ගැනීවීමට පොලිස් ත්‍යාග අරමුදලින් ගෙවනු ලබන ත්‍යාග මුදල් වැඩි කිරීමට තීරණයක් ගෙන ඇත.
මේ බව වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විසින් සියලූම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, අණදෙන නිලධාරීන් / අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස භාර නිලධාරීන්, දිස්ත්‍රික් භාර ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරින් හා ස්ථනාධිපතිවරුන් වෙත මේ බව දන්වා ඇත.
මේ අනුව පොලිස් ත්‍යාග අරමුලින් ත්‍යාග මුදල් ගෙවීමට 2019.09.18 දිනැති පොලිස්පති චක්‍රලේඛ අංක 2663/2019 සමග අපරාධ චක්‍රලේඛ අංක 02/2019 හි සඳහන් ප්‍රතිපාදනවලට යටත්ව මෙම ගෙවීම් සිදුකරනු ලබනවා.
මෙහි මුලික පියවරක් ලෙස මෙම මුදල් ගෙවීම 2020.12.31 දින දක්වා සිදුකළ යුතු අතර, එදිනට ප්‍රගතිය සලකා තව දුරටත් එම ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්නේ ද යන්න සලකා බැලෙනවා.
මෙහිදී උපදෙස් අනුව, පුද්ගලික ඔත්තුකරුවන්ට ත්‍යාග මුදල් ගෙවීමේ දී යම් අක්‍රමිකතාවයක් සිදුවු බවට ලැබෙන පැමිණිලි පොලිස් මුලස්ථාන විශේෂ විමර්ශන ඒකකය විසින් පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යටතේ ක්‍රියාත්මක විශේෂ විමර්ශන ඒකකය විසින් හෝ පමණක් විමර්ශනය කර අවශ්‍ය ක්‍රියා මාර්ග ගනු ලබනව
837 Views
Comments