වතු කම්කරු දෛනික වැටුප රු.1000 මාර්තු පළමු වැනිදා සිට...
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
14

වතු කම්කරු දෛනික වැටුප රු.1000 මාර්තු පළමු වැනිදා සිට...

වතු කම්කරු දෛනික වැටුප රු.1000 මාර්තු පළමු වැනිදා සිට...

වතු කම්කරු දෛනික වැටුප මාර්තු පළමු වැනිදා සිට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා.

 

ඒ සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (14) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ඉදිරිපත් කරන ලද සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

 

ඒ අනුව වතු කම්කරු වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමේ තීරණය තෛපොංගල් දිනය යෙදී ඇති හෙට (15) දිනයේදී ප්‍රකාශයට පත් කෙරෙන බව පැවසේ.

 

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් ජනාධිපතිවරණයේදී දුන් ඡන්ද පොරොන්දුවක්ද විය.

views

893 Views

Comments

arrow-up