වැසි රහිත උණුසුම් කාලගුණ තත්ත්වයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
08

වැසි රහිත උණුසුම් කාලගුණ තත්ත්වයක්

වැසි රහිත උණුසුම් කාලගුණ තත්ත්වයක්

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති වේ.

 

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල,මාතර සහ නුවරඑලිය දිස්ත්‍රික්ක වලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

 

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත.

 

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

 

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය :    2020-01-08
නගරය උෂ්ණත්වය(සෙ. අංශක) සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) කාලගුණය
උපරිම අවම උපරිම අවම
අනුරාධපුරය 31 24 95 60 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මඩකලපුව 30 24 90 75 වැසි ස්වල්පයක්
කොළඹ 32 24 85 65 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
ගාල්ල 33 25 85 60 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
යාපනය 31 24 90 65 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මහනුවර 31 22 90 55 ප්‍රධාන වශයෙන් වැසි රහිත
නුවරඑළිය 19 12 90 65 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
රත්නපුරය 33 22 95 55 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
ත්‍රිකුණාමලය 31 24 90 70 වැසි ස්වල්පයක්
මන්නාරම 31 26 90 60 ප්‍රධාන වශයෙන් වැසි රහිත

 

fShare

 

 

 

views

1059 Views

Comments

arrow-up