ආන්දෝලනාත්මක රන්ජන්ගේ හඬපට ගැන විශේෂ විමර්ශනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
08

ආන්දෝලනාත්මක රන්ජන්ගේ හඬපට ගැන විශේෂ විමර්ශනයක්

ආන්දෝලනාත්මක රන්ජන්ගේ හඬපට ගැන විශේෂ විමර්ශනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවස තුළ තිබී සොයාගත් සංයුක්ත තැටිවල අඩංගුව කරුණු පිළිබඳව පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

 

මීට අමතරව මේ දිනවල මාධ්‍ය හරහා ප්‍රචාරය වන හඬවට පිළිබඳවද පොලිසිය අවධානය යොමුකර තිබේ. එසේම පොලිස් භාරයට ගත් හඬපටවල සඳහන් සංවාද හා මාධ්‍ය මගින් ප්‍රචාරය වන සංවාද සමානද යන්න  පිළිබඳවද පොලීසියේ අවධානය යොමුව අැත.

 

සංයුක්ත තැටිවල සඳහන් කරුණු පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට පොලිස්පති විසින් ලබාදුන් උපදෙස්වලට අනුව මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

views

696 Views

Comments

arrow-up