චන්ද්‍රිකාගේ සමුළුවට සහභාගීවූවන්ට තනතුරු අහිමි වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
06

චන්ද්‍රිකාගේ සමුළුවට සහභාගීවූවන්ට තනතුරු අහිමි වෙයි

චන්ද්‍රිකාගේ සමුළුවට සහභාගීවූවන්ට තනතුරු අහිමි වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකිමේ සංවිධානයවිසින් සංවිධානය කර තිබූ සමුළුවට සහභාගී සියලු ශ්‍රි ලංකා නිදහස්පක්ෂ සංවිධායකවරුන් වෙනුවට නව සංවිධායකවරුන් පත් කිරිමට තීරණය කර තිබෙනවා.



ඊයේ (05) රාත්‍රි පැවැති මධ්‍යම කාරක සභාරැස්විමේ දී මෙම තීරණය ගත් බව එම පක්ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවා.



මධ්‍යම කාරක සභා රැස්විමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.



හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ(5) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ නමිනුයි සමුළුව කැඳවා තිබුණේ .

 

මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙක්ද සහභාගි වී ඇති බවට වාර්තාවනවා. වෙනත් පක්ෂවල පිරිස්ද මේ සඳහා එක්ව සිටියා.

views

693 Views

Comments

arrow-up