කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනිමේ වරෙන්තුව ගැන තීරණය හෙට

කුරුණෑගල රාජ සභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද? නැද්ද? යන තීන්දුව ප්‍රකාශ කිරීම හෙට(25) දින දක්වා කල් තබන බව අභියාචනාධිකරණය නිවේදනය කළේය.
මෙම තීරණය අද(24) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.
එහෙත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ, මෙම තීන්දුව සූදානම් කර ගැනීමට නොහැකි වීම නිසා එය ප්‍රකාශ කිරීම හෙට පෙරවරු 9.00 ට සිදුකරන බවය.
එතෙක් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පෙත්සම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක නොකරන ලෙස මීට පෙර අභියාචනාධිකරණය විසින් නිකුත් කළ නියෝගය හෙට දින දක්වා බලපැවැත්වෙන බව ද විනිසුරු මඩුල්ල අවධාරණය කළේය.
654 Views
Comments