දරුවන්ට එරෙහි අපරාධ 48,000කින්, ළමා ආරක්ෂණ අධිකාරිය විමර්ෂණ සිදු කර ඇත්තේ 413 ක් පමණයි.

ගෙවී ගිය වසර නවයක කාලය තුළ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිලි හතළිස් අටදහසක් ලැබී ඇති නමුත් විමර්ශනය කර ඇත්තේ ඉන් පැමිණිලි හාරසියදහතුනක් පමණක් බව විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විමරශනයකින් අනාවරණය වී තිබේ.
එසේ සිදු කළ විමර්ශනවලට අදාළව මහාධිකරණවල නඩු ගොනු කර ඇත්තේ සිදුවීම් එකසිය අසූ පහක් සම්බන්ධයෙන් පමණක් බවත් එම විමර්ශනයෙන් හෙළිවී ඇත.
පොලිස් සංඛ්‍යා ලේඛනවලට අනුව පසුගිය වසරේදී වයස අවුරුදු 16ට අඩු දැරියන් දූෂණය කිරීම පිළිබඳ නඩු තුන්සිය පහක් වාර්තා වී ඇති අතර වසර අවසන් වන වට ඉන් නඩු දෙසිය අනූ හයක් අවසන් වී නොතිබිණි.
එසේම 2019 වසරේදී ළමයින්ට හිංසා කිරීමේ සිද්ධීන් අසූවක් සහ ලිංගික සූරාකෑමේ සිද්ධීන් තිස් හතරක් වාර්තා වූ නමුත් වසර අවසන් වන විට ඒ අතුරින් විභාග වෙමින් පැවත ඇත්තේ පිළිවෙළින් නඩු හැත්තහතක් සහ තිස් දෙකක් පමණි. විගණකාධිපතිවරයාගේ වාර්තාව මගින් ළමයින් ආරක්ෂා කිරීම සඳහා නීති ක්‍රියාත්මක කිරීමේදී තවත් අඩුපාඩු කිහිපයක් අනාවරණය වී ඇත.
675 Views
Comments