මියගිය කළු කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් - වාර්තාව කඩිනමින් අධිකරණයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
30

මියගිය කළු කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් - වාර්තාව කඩිනමින් අධිකරණයට

මියගිය කළු කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් - වාර්තාව කඩිනමින් අධිකරණයට

මියගිය කළු කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර අවසන් බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

 

අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, පරීක්ෂණ වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

 

ඇත් අතුරු සෙවනේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය කළු කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හැටන් මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයක් අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේදී ඊයේ රාත්‍රීයේ සිදුකළේ ය.

 

හැටන්, නල්ලතන්නිය ප්‍රදේශයේදී පසුගිය 26 වනදා මද්දකට හසුව බේරා ගත් කළු කොටියා වනජීවි නිලධාරින් භාරයේ ප්‍රතිකාර කරමින් සිටියදී ඊයේ මිය ගියේ ය.

 

කළු කොටියා අසුවු මද්ද ඇටවීම සම්බන්ධයෙන් සැකපිට අදාළ වගා බිමේ හිමිකරු බව පුද්ගලයෙකු පසුගිය 27 වනදා අත්අඩංගුවට ගනිණ.

views

640 Views

Comments

arrow-up