ජනපතිගේ පැහැදිලි හා දැඩි තීරණ ගැන ඉන්දීය අගමැතිගෙන් සුබ පැතුම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
23

ජනපතිගේ පැහැදිලි හා දැඩි තීරණ ගැන ඉන්දීය අගමැතිගෙන් සුබ පැතුම්

ජනපතිගේ පැහැදිලි හා දැඩි තීරණ ගැන ඉන්දීය අගමැතිගෙන් සුබ පැතුම්

මෙරට කොවිඩ් නයින්ටීන් වෛරසය මර්දනයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලි චින්තකයෙකු ලෙස සහ දැඩි තීරණ ගන්නෙකු ලෙස කටයුතු කිරීම පිළිබඳ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය සුබ පැතුම් පල කර තිබේ.

 

අද(23) පෙරවරුවේ ජනාධිපතිවරයා සමඟ පැවති දුරකතන සංවාදයකදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.

 

කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් මෙරටට සිදුවන බලපෑම් අවම කිරීම සදහා  සෑම සහයක්ම ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.

 

රටේ ආර්ථික කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාව විසින් මෙරට සිදුකරන සංවර්ධන ව්‍යාපෘති වේගවත් කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේය.

 

මීට අමතරව ඉන්දියාවේ පෞද්ගලික අංශයට මෙරට ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව ද එහිදී දෙරටේ නායකයින්ගේ අවධානය යොමුව තිබේ.

views

808 Views

Comments

arrow-up