සහල් රජාගේ මෝලට සෙබළුන් පිරිවරා මේජර්වරයෙක් පනී.. වී තොග එලියට නොදැම්මොත් ඊලග පියවර මූණටම කියා එයි..
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
23

සහල් රජාගේ මෝලට සෙබළුන් පිරිවරා මේජර්වරයෙක් පනී.. වී තොග එලියට නොදැම්මොත් ඊලග පියවර මූණටම කියා එයි..

සහල් රජාගේ මෝලට සෙබළුන් පිරිවරා මේජර්වරයෙක් පනී.. වී තොග එලියට නොදැම්මොත් ඊලග පියවර මූණටම කියා එයි..

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන සහ මධ්‍ය පරිමාණ වී මොල් අටක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති විශාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ඇතුලූ නිලධාරින් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද(23) සවස වැටලිමට ලක් කළහ.

 

එහිදි දිස්ත්‍රික්කයේ ප‍්‍රධාන සහල් මෝල් වන අරලිය , නිපුන, නිව්රත්න, ලත් සහල් තවත් මධ්‍ය පරිමාණ වී මෝල් කිහිපයක් මෙහිදි පරික්ෂාවට ලක් කෙරුණි.

 

ඩඩලි සිරිසේන මහතාගේ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි සිරිපාල ගම්ලත් මහතාගේ වී මෝල්ද පරික්ෂාවට ලක් කෙරුණ අතර කොළඹ, පොළොන්නරුව, ගම්පහ, කුරුණැගල , නුවර අනුරාධපුර යන දිස්ත‍්‍රික්කවල පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින්ද මෙම වැටලිමට එක්ව සිටියහ.

 

එහිදි රජය පනවා තිබෙන පාලන මිලට ඉදිරියේදි සම්බා සහ නාඩු සහල් කොන්දේසි විරහිතව වෙළද පොලට ලබා දිමට වී මෝල් හිමිකරුවන් සමග කෙරු සාකච්ඡුාවකින් පසු එකගත්වය පලකල බවද පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරියේ සභාපති විශාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා පැවසිය.

 

මෙම පරික්ෂාවේදි වී සහ සහල් තොග පිලිබදවත් එවායේ නිෂ්පාදන ධාරිතාවයන් මෙන්ම දැනට ඒ ඒ වී මෝල් වල රැස් කර තිබේන වී සහ සහල් කොතරම් තිබේද යන්න පරික්ෂාවට ලක්කල බව ශාන්ත දිසානායක මහතා මාධ්‍යට අදහස් දක්වමින් සදහන් කලේය.

 

ඉදිරියේදි දිවයින පුරා ඇති වි සහ සහල් මෝල් වැටලිමට ලක්කර වෙළද පොලට නිකුත් නොකර අනවශ්‍ය ලෙස රැස්කර තිබෙන වී මෝල් හිමියන් අත්අඩංගුවට ගෙන නඩු පැවරිමට කටයුතු කරන බවද ඔහු පැවසිය

.

ජනතාව ආර්ථික අතින් අපහසුවට පත්ව සිටින මොහොතක වී හෝ සහල් සගවා තබා වෙලද පොළේ සහල් හිගයක් මවාපැමට කිසිසේත්ම ඉඩ නොතබන බවත් කිසිදු හිගයකින් තොරව ජනතාවට අවශ්‍ය සහල් රජයේ පාලන මිලට ලබා දිමට පාරිභෝගික පිලිබද අධිකාරිය කල හැකි උපරිම කාර්ය සිදු කරන බවද ශාන්ත දිසානායක මහතා වැඩිදුරටත් සදහන් කලේය.

 

තවද පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන වී මොල්වල රැස්කර තිබෙන වී ඉතා කඩිනමින් සහල් බවට පත්කර වෙලද පොළට නිකුත් කරන ලෙසටද තමා අදාල වී මෝල් හිමිකරුවන්ට උපදෙස් දුන් බවත් ඊට ඔවුන් එකගත්වය පලකෙරු බවද දිසානායක මහතා කීය.

– lankadeepa

views

692 Views

Comments

arrow-up