කොරෝනා වෛරස පාලනයට මුවාවී රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
17

කොරෝනා වෛරස පාලනයට මුවාවී රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරලා

කොරෝනා වෛරස පාලනයට මුවාවී රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරලා

කොරෝනා වෛරස පාලනයට මුවාවී අද රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර ඇතැයි සමගිය ජන බලවේගය සඳහන් කරයි.

 

ලංකාවේ ඉතිහාසයේ පළමු වතාවට අද පාර්ලිමේන්තුවට හමුදාව යොදවා ඇතැයිද හිටපු කතානායකගේ ප‍්‍රධානත්වයෙන් ව්‍යවස්ථා සභාව එහි රැස් කිරීමට අවස්ථාවක් නොදුන් බවත් පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේය.

 

මේ වන විට රාජ්‍ය පාලනය හමුදාකරණය කර ඇති හෙයින් දැනටමත් හමුදා නිලධාරීන් තිදෙනකු රාජ්‍ය ලේකම් අමාත්‍යංශවල ලේකම්වරුන් බවට පත්කර ඇති බවට ඔහු චෝදනා කළේය.

 

මේ ආකාරයෙන් හමුදා පාලනයකට රට ගෙන යන බවද ඔහු පැවසුවේ මාධ්‍ය හමුවක් අමතමිනි.

views

654 Views

Comments

arrow-up