IOC ගණන් වැඩිනම් සංස්ථාවට යන්න- ප්‍රශ්නයක් නෑනෙ

ලෝක වෙළඳපොලේ ඉන්දන මිල ගණන්වලට අනුව මෙරට වෙළපොලේ ඉන්දන මිල ගණන් මේ වසර තුළ සංශෝධනය නොකරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවැසුවේ රුපියල් බිලියන 200 ක අරමුදලක් ඇති කිරීමේ වැඩපිළිවෙලට ඉන්දන අළෙවියේ ලාභය යොදවන බවයි.
එම අරමුදල පිහිටුවීමෙන් වාසි රැසක් හිමිකර ගැනීම රජයේ අපේක්‍ෂාව බව ඔහු පැවැසුවා.
"කුමක්ද ඛනිජ තෙල් මිල ස්ථායිකරණ අරමුදල කියන්නේ, ලෝක වෙළඳපලේ කොතරම් ඛනිජ තෙල් මිල වැඩි උනත් අඩු උනොත් ලංකාවේ රජයේ තෙල් මිලෙහි කිසිදු වෙනසක් කරන්නේ නැහැ. මේ වර්ෂය නිමවන තෙක්....
එතකොට තෙල් මිල අඩු වීම තුළින් යම් කිසි ලාභයක් ලැබුවානම් එතුලින් වාසි රජයට ලැබුණොත් ඒ සියල්ල බැර කිරීම සඳහා ලංකා බැංකුවේ විශේෂ ගිණුමක් තියෙනවා. තෙල් මිල ස්ථායිකරණ අරමුදලට අපි එකතු කරගන්න බලාපොරොත්තු වන මුදල රුපියල් බිලියන 200ක්.
කෝටි ප්‍රකෝටි සංඛ්‍යාවක් ණය මුදලක් නයමුදලක් තියෙනවා. ඛනිජ තෙල් සංස්ථාවේ ස්ථායිකරණ අරමුදලින් ඒ ණය ගෙවනවා. ඒ ණය ගෙව්වා හම සංස්ථාවේ ණය වාරික පොලී ගෙවන්න යෙදෙන මුදල එහෙම්පිටින්ම අඩුවෙනවා.
ඊට පසුව ඛනිජ තෙල් සංස්ථාව විදුලිබල මණ්ඩලය සමඟ තියෙන ණය විදුලි බල මණ්ඩලයේ කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ජනතා උසුලාගෙන සිටින ණය බරක් ගෙවා දමනවා.
එවිට ලබන වසරවල මේ ආයතන පාඩු නැති තත්ත්වයට පත් වුණොත් ඒ ආයතන වලින් සපයන ඛනිජ තෙල් සහ විදුලිය යනාදියෙන් සමස්ත ජනතාවට එහි වාසිය ජනතාවට විඳ ගැනීමට පුළුවන් වනවා.
දැන් ජනතාවට සහනයක් සලසා දෙන්න පුළුවන් උපදෙසක් ලබා දෙන්න පුළුවන්....
විශාල ලෙස ව්‍යාප්ත වුණු ප්‍රධානතම ආයතනය තියෙන්නෙ ඛනිජ සංස්ථාවට........ ඒ මිලට වඩා වෙන ආයතනයක මිල වැඩි නම් ඒ ආයතනය අත්හැරලා රජයේ ආයතනයෙන් තමන්ට ලබාදෙන ඉන්ධන ලබා ගත්තහම කිසි ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ......
742 Views
Comments