රාජ්‍ය ආයතනවල කටයුතු මේ සතිය අවසානය තෙක් – ඉදිරි පියවර ජනතා හැසිරීම මත
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
12

රාජ්‍ය ආයතනවල කටයුතු මේ සතිය අවසානය තෙක් – ඉදිරි පියවර ජනතා හැසිරීම මත

රාජ්‍ය ආයතනවල කටයුතු මේ සතිය අවසානය තෙක් – ඉදිරි පියවර ජනතා හැසිරීම මත

ඇඳිරි නීතිය තිබියදී ආරම්භ කළ රාජ්‍ය ආයතනවල කටයුතු මෙම සතිය අවසානය තෙක් සිදුකිරීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.

 


මෙම කාලසීමාවේදී ජනතාව හැසිරෙන ආකාරය පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව ආයතන මට්ටමින් ඉදිරි පියවර ගන්නා බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය හමුවේ පසුගිය මාර්තු 20 වැනිදා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැනවු ඇඳිරි නීතිය කළුතර , පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක 23කට ඊයේ ලිහිල් කෙරුණි.

 


ඇඳිරි නීතිය තවදුරටත් බලපැවැත්වෙන කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල ජනජිවිත යථා තත්ත්වයට පත්කිරිම ද ඊයේ සිට ආරම්භ වුණි.
ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්‍යාවශ්‍ය සේවකයින්ට මෙලෙස ඇඳිරි නිතිය පනවා ඇති දිස්ත්‍රික්කවලට පැමිණිමට පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක වු අතර ඇතැම් සේවකයින් සිය පෞද්ගලික වාහනවලින්ද රැකියා ස්ථාන වෙත පැමිණියේය.

 


මේ අතර රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ සේවකයින් කලින් වෙන්කර ගත් පරිදි මහනුවර, අවිස්සාවේල්ල, මහව, හලාවත සහ බෙලිඅත්තේ සිට කාර්යාලයීය දුම්රිය 10ක් අදත් උදෑසන කොළඹට පැමිණිමට නියමිතයි.
ප්‍රවාහන සේවා සැපයීම සඳහා පෞද්ගලික බස්රථ යොදා ගැනීම සම්බන්ධයෙන් අදාල වෘත්තිය සමිති සමඟ විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතව ඇත.

 


ඇඳිරි නීතිය තිබියදී ආරම්භ කළ රාජ්‍ය ආයතනවල කටයුතු මෙම සතිය අවසානය තෙක් සිදුකිරීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.
මෙම කාලසීමාවේදී ජනතාව හැසිරෙන ආකාරය පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව ආයතන මට්ටමින් ඉදිරි පියවර ගන්නා බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

views

825 Views

Comments

arrow-up