රාජගිරිය බණ්ඩාරනායක පුර ලොක්ඩවුන් - 29ක් නිරෝධායනයට

රාජගිරිය බණ්ඩාරනායක පුර ප්‍රදේශයෙන් COVID 19 ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟ මේ වන විට එම ප්‍රදේශයේ පුද්ගලයන් 29 දෙනෙකු නිරෝධායනය සඳහා එම මධ්‍යස්ථාන කරා යොමු කරමින් තිබේ.
මේ වන විට එම ප්‍රදේශය ලොක්ඩවුන් කිරීමට කටයුතු කර ඇත.
එම ප්‍රදේශයේ ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමඟ අද දිනයේදී පොලීසිය හා හමුදාව එක්ව ප්‍රදේශය පරික්ෂා කිරීම සිදුකරන ලදී.
ශ්‍රී ජයවර්ධන පුර කලාපය කොරෝනා වලින් තොර කලාපයක් වුවත් විවිධ ඇබ්බැහිවීම්වලට යොමුව තිබෙන තැනැත්තන් විසින් යම් බලපෑමක් විය හැකි හෙයින් මෙම ආසාදිතයා හමු වීමට පෙරම පසුගිය 27 වැනි දින ස්ථාන 50ක් නිරෝධායනයට ලක් කර තිබී ඇත. මේ වන විට හඳුනාගෙන තිබෙන ආසදිතයාද එලෙස නිරෝධායනයට ලක් කර තිබූ නිවසක තැනැත්තෙක් වන අතර එම තැනැත්තා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි තැනැත්තෙකු බවයි කෝට්ටේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රොද්‍රිගෝ මහතා සඳහන් කළේ.
මෙම තත්ත්වයන් මත තවදුරටත් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් බැහැරින් පුද්ගලයන් තමන්ගේ නිවසට ගෙන්වා නොගැනීමෙන් සමාජ දුරස්ථභාවය රැක ගන්නා ලෙස මනෝජ් රොද්‍රිගෝ මහතා ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
මේ වන විට එම තැනැත්තා IDH රෝහලට ඇතුල් කර තිබේ.
මේ වන විට එම ප්‍රදේශය ලොක්ඩවුන් කිරීමට කටයුතු කර ඇත.
එම ප්‍රදේශයේ ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමඟ අද දිනයේදී පොලීසිය හා හමුදාව එක්ව ප්‍රදේශය පරික්ෂා කිරීම සිදුකරන ලදී.
1496 Views
Comments