පොදු ස්ථානවල ප්‍රදර්ශනය වන QR කේතයන් ගැන දැනුවත්ද?

පොදු ස්ථානවලට ඇතුලුවන පුද්ගලයින්ගේ තොරතුරු විධිමත් සැලසුමක් යටතේ සටහන් කර ගැනීමට අදාළව ක්‍රමවේදයක් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජන ආයතනය විසින් හදුන්වා දෙනු ලැබුවා.
ඒ රට තුළ පවතින වසංගත තත්ත්වයත් සමග තොරතුරු රැස් කිරීමට අදාළ විධිමත් මෙන්ම පහසු ක්‍රමවේදයක් ලෙසින්. ස්ටේ සේෆ් කිව්.ආර් කේත ස්කෑන් ක්‍රමවේදය ලෙසයි එම වැඩපිලිවෙල හදුන්වා දෙනු ලැබුවේ. කිව්.ආර් කේතය ආයතන ඉදිරිපිට ප්‍රදර්ශනය කර ඇති අතර එය ජංගම දුරකතනයෙන් ස්කෑන් කර තොරතුරු ලබා දිම ඒ යටතේ සිදුවනු ඇති.
එම තාක්ෂණ ක්‍රමවේදය පිළිබඳව අද සිත එෆ් එම් ජුබිලි කණුව වැඩසටහන ඔස්සේ මහජනතාව දැනුවත් කිරීමටයි පියවර ගැනුණේ. ''ස්මාට් ෆෝන් වලට QR කෝඩ් ස්කෑන් කිරීම හරහා වගේම ස්මාට් නොවන දුරකථන වලට SMS හරහා ට්‍රැකින් සිස්ටම් එකක් තමයි අපි හඳුන්වා දෙන්නේ.
තමන් යම් ස්ථානයකට ඇතුල් වීමේදී එම ස්ථානය හඳුන්වන 'කෝඩ් අංකය' ජංගම දුරකතනයට ඇතුල් කළ විට ඒ සියල්ල දින 60ක් ගබඩා වී තිබෙනවා. ආසාදිතයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් ආගිය තැන දැනගන්න ආරක්ෂක අංශ වලට සහ සෞඛ්‍ය නිලධාරීන්ට මේක ඉතා පහසු වෙනවා.'' යනුවෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ ප්‍රධාන තාක්ෂණ නිලධා හිරන්‍ය සමරසේකර විස්තර කළා.
ආයතනයක් ලියාපදිංචි කෙරෙන ආකාරය www.staysafe.gov.lk යන වෙබ් අඩවියට ඇතුළුවීමෙන් පළමුව ආයතනය ලියාපදිංචි කරගත යුතුය. එවිට සෑම ආයතනකටම අනන්‍ය වූ QR කේතය [QR කෝඩ්] ලැබෙනු ඇත. ආයතනයේ නම, එහි ප්‍රධානියෙකුගේ නම, ඊමේල් ලිපිනය, දුරකථන අංකය වැනි තොරතුරු කිහිපයක් පමණක් ඇතුළත් කිරීම ඒ සඳහා ප්‍රමාණවත් වේ.
එම කේතය මුද්‍රණය කරගෙන අදාළ පරිශ්‍රයට ඇතුළු වන අයට පෙනෙන සේ ප්‍රදර්ශනය කළ යුතුව තිබේ. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම අදාළ තොරතුරු ඔබට ලැබෙනු ඇත. ආයතනයට ඇතුළුවන පුද්ගලයන්ගේ දත්ත එක්රැස් කිරීම එක් ස්ථානයකට ඇතුළු වන අවස්ථාවේදී අප ලියාපදිංචි වීමෙන් පසු දිවයිනේ ඕනෑම ස්ථානයකට යළි ලියාපදිංචියකින් තොරව ඇතුළත් වීමට හැකියාව ලැබේ.
මේ සඳහා කිසිඳු App එකක් බාගත කිරීම අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි. ''ස්මාට් ජංගම දුරකථන භාවිත කරන අයට තිබෙන්නේ අදාළ ස්ථානයේ QR කේතය [Location ID] 'ස්කෑන්' කර ලැබෙන පෝරමය පිරවීමයි.
ජාතික හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය සහ නම විතරයි ඊට ඇතුළත් කරන්න තියෙන්නේ. ඊට පසු ඔබ වෙනත් ස්ථානයකට ගිහින් එතන තියෙන QR කෝඩ් එක ස්කෑන් කරපු ගමන් ඔටෝ මැටිකලී ලොග් වෙනවා.'' යනුවෙන් හිරන්‍ය සමරසේකර වැඩිදුරටත් විස්තර කළේය.
ස්මාට් නොවන ජංගම දුරකතනයක් භාවිත කරන අය පළමුව කළ යුතු වන්නේ තමන්ගේ දුරකතනයෙන් SS හිස්තැනක් REG හිස්තැනක් ජාතික හැදුනුම්පත් අංකය සටහන් කර 1919 අංකයෙන් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට කෙටි පණිවිඩයක් [SMS] යැවීමයි.
එම ලියාපදිංචියෙන් පසුව SS හිස්තැනක් පරිශ්‍රයේ අංකය [Location ID] ඇතුළත් කර 1919ට යොමුකර අදාළ ස්ථානයට පිවිසිය හැකිය. දුරකතනයක් භාවිත නොකරන අයෙක් නම් අදාළ පරිශ්‍රයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට ඔවුන් සතු ජංගම දුරකතනයකින් ඊට ඇතුළු වන පුද්ගලයගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමට හැකිවන ලෙසද මෙම දත්ත පද්ධතිය සකස් කර තිබේ.
‘IN’ සහ ‘OUT’ දෙකම වැදගත් යම් ස්ථානයකට ඇතුළුවීමේදී මෙන්ම එම පරිශ්‍රයෙන් පිටවී යාමේදී ද ඒ බව පෙර ලෙසම දත්ත පද්ධතියට ඇතුළත් කළ යුතුව ඇත. '' එවිට අපි දන්නවා ඔහු එම ස්ථානයේ රැදී සිටි කාලය. කොරෝනා පොසිටිවි කෙනෙක් එම ස්ථානයට ඇතුළත් වී තිබුණොත් ඔහු ඔබ සමග කන්ටැක් වෙලාද කියලා එකෙන් අපිට නිශ්චිතව දැනගන්න ලැබෙනවා.
මේ ක්‍රමය භාවිතය ගැන ඔබට තියෙන ඕනම ගැටලුවක් 1919 අංකයට කතා කරලා විසදගන්න පුළුවන්.'' යනුවෙන් හිරන්‍ය සමරසේකර පැවසුවේය. බීබීසී සිංහල අැසුරින්
961 Views
Comments