ජනාධිපති වෙලාත් බැරි වුණු දේ මන්ත්‍රී වෙලා කරයිද ? මෛත්‍රීට පොහොට්ටුවෙන් දැඩි ප්‍රහාරයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
18

ජනාධිපති වෙලාත් බැරි වුණු දේ මන්ත්‍රී වෙලා කරයිද ? මෛත්‍රීට පොහොට්ටුවෙන් දැඩි ප්‍රහාරයක්

ජනාධිපති වෙලාත් බැරි වුණු දේ මන්ත්‍රී වෙලා කරයිද ? මෛත්‍රීට පොහොට්ටුවෙන් දැඩි ප්‍රහාරයක්

රටේ විධායක ජනාධිපතිවරයා වශයෙන් සිටියදීත් පොලොන්නරුව දිස්ත්‍රික්කයට කිසිදු වැදගත් සේවයක් ඉටු නොකළ මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කෙසේ නම් ජනතාවට සේවය කරන්නද යන ප්‍රශ්නය මතුවන බව අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. 

 


"අපි පක්ෂ හැදුවොත් පාරක් පාරක් ගාණේ ඇවිද්දනවයි කියලා මෛත්‍රීපාල සිරිසේන, එදා හිටපු ජනාධිපතිවරයා තර්ජනය කරද්දිත් අපෙ බැසිල් රාජපක්ෂ මැතිතුමා හිරගෙදර ඉඳන් තමයි පක්ෂයේ ප්‍රතිපත්ති හදලා අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකෙරුවේ. 

 


පොලොන්නරුවේ විශාල වැඩකොටසක් තියෙනවා කරන්න. පොලොන්නරුවට වෙච්චි දෙයක් නෑ ගිනිපෙට්ටි වගේ ගොඩනැගිලි ටිකක් හැදුණ මිසක් කිසිදු ජාතික වැඩපිළිවෙලක් ආවෙ නෑ පහුගිය කාලෙ. 

 


ඒ නිසා ජනාධිපතිවරයෙක් බිහිවුණාට විශ්ව විද්‍යාලයක්, අධිවේගී මාර්ගයක්, අඩුගාණේ වකුගඩු රෝගයෙන් පෙළෙන දිස්ත්‍රික්කයට පානීය ජලයෝජනා ක්‍රමයක්, අද දරුවෝ ගේට්ටුවෙ එල්ලිලා ඉන්නවා පාසල් මදිව, අඩුගාණෙ පාසලක්, ප්‍රධාන රෝහල් ටික, නගර ටික සංවර්ධනය කිරීමක් ... කිසිදු ආකාරයකින් දියුණු කරගන්න එදා ජනාධිපතිවරයා විදියට පත් වෙලාත් එතුමාට බැරිවුණා. ඒ නිසා ජනාධිපති වෙලාත් පොලොන්නරුවට කරන්න බැරිවුණු එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා මොනවා කරන්නද කියන එක ප්‍රශ්නාර්ථයක්. 

 


ඒ හින්දා මේක පොලොන්නරුවෙත් රටේත් ජනතාව අවවෝධ කරගනී කියන එක තමයි මට නම් කියන්න තියෙන්නෙ. නිකම් මැතිවරණවලට ඇවිල්ලා, කඳුළු කතා කියලා, මිනිස්සු මුලා කරන්න හදයි, ඒවගෙදි රැවටෙන්න එපා කියන ඉල්ලීම විශේෂයෙන්ම කරනවා. 

 


මේ මැතිවරණයට අපි යන්නෙ පොහොට්ටුව ලකුණින්. පක්ෂ හැදුවොත් පාරක් පාරක් ගානෙ ඇවිද්දවනවා කියපු අයට පොහොට්ටුවෙන් තරග කරන්න සදාචාරයක් තියෙනවද කියන ප්‍රශ්නෙත් මට තියෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

 


රොෂාන් රණසිංහ අමාත්‍යවරයා මේ බව පැවසුවේ මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මහමැතිවරණය සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරගවදින බවට වූ පුවතට ප්‍රතිචාර දක්වමින් ස්වර්ණවාහිනී නාලිකාව වෙත ප්‍රකාශයක් ලබා දෙමිනි. 

 

views

621 Views

Comments

arrow-up